Sinhala සිංහල උගනිමු
සිංහල හෝඩිය / සිංහල අක්ෂර මාලාව
සිංහල භාෂාව යනු ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නකි. ක්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈත අතීතයකට දිව යන අතර සාහිත්‍යමය සාධක රාශියක් ද දක්නට ලැබෙයි. කෙසේ නමුත් සිංහල හෝඩියක් පළමු වරට දක්නට ලැබෙන්නේ 13න් වන සියවසේ දෙවන පරාක්‍රමබාහු රජු සමයේ දී ය. එනම් කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ලෙස ගෞරව නාමයෙන් හැඳින් වූ පතිරාජ පිරුවන්පති වේදේහ අනවමදර්ශි හිමියන් විසින් රචිත සිදත් සඟරාව තුළින් ය.
සිදත් සඟරා හෝඩිය
සිදත් සඟරාවට අනුව ස්වර (පණකුරු) දහයක් ද ව්‍යඤ්ජන (ගතකුරු) විස්සකින් ද යුක්තව අක්ෂර තිහකින් සිංහල හෝඩිය යුක්ත වෙයි.
පණකුරු පසක් එද
ලහු ගුරු බෙයින් දසවේ
දසකුරු ද වේ විස්සක්
වහරට යුහූ සියබසැ
ස්වර
අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ
ව්‍යඤ්ජන
ක, ග, ජ
ට, ඩ, ණ
ත, ද, න
ප, බ, ම
ය, ර, ල, ව
ස, හ, ළ, අං
0 comments:
Post a Comment