• චීන උණ ගහේ කතාව


    අරමුණ
    චීන උණ ගහේ කතාව
    -----------
    ජීවිතයේ ඔබට බොහෝ දෙනෙක් හමුවේවි. සුළු පිරිසක් ඔබව දිරිමත් කිරීමට, ඔබගේ අරමුණු ඉටුකරගැනීමට, වචනෙකින් හෝ උපකාර කරාවි. ඒ අතරෙන් බොහෝ පිරිසක් ඔබේ ගමනට බාධා කරන්නට, ඔබට සිනාසෙන්නට, ඔබගේ මානසිකත්වය හෙලා දමන්නට උත්සාහ කරාවි. නමුත් ඔබ ඉතාමත් අමාරුවෙන්, හෙමින් හෙමින් හෝ ගොඩනඟාගන්නට උත්සාහ කරන ඔබගේ අරමුණ කරා ගමන් කරන්න. ඔබට සිනාසෙන අයට සිනාසෙන්න ඉඩ හරින්න. හැරදා යන අයට හැරදා යන්න ඉඩ දෙන්න. ඒ ගැන ඔබ පසුතැවිලි නොවන්න.
    ඔබ දන්නවාද? චීන උණ ගහ කියන්නේ අවුරුදු 5ක් තිස්සෙම පොලව යට ඉඳන් තම ශක්තිය වර්ධනය කරගන්නා ගහක්. තම වර්ධනයට අවශ්‍ය ශක්තිය සම්පූර්ණ වන තෙක් ඒ ගහ පොළොවෙන් එළියට එන්නේ නැහැ. නමුත් මෙහෙම ශක්තිය එකතු කරගෙන පොළොවෙන් එළියට එන මේ උණ ගහ සති 4ක් ඇතුලත අඩි 90ක් උසට වැඩෙනවා. මෙසේ සති 4 කින් අඩි 90ක් උසට වර්ධනය වෙන්න අවශ්‍ය ශක්තිය චීන උන ගහ පොළොව යට ඉඳන් අවුරුදු 5ක් තිස්සේ එකතු කරගන්නවා.
    ඔබත් ඒ චීන උණ ගහ වගේ වෙන්න. තමාගේ අරමුණ කරා යන්නට අවශ්‍ය කරන ශක්තිය ගොඩනඟා ගන්න. අන් අය ගැන හිතා දුක් වීමෙන් වළකින්න. තමන්ගේ කටයුත්ත උපරිමයෙන් සිදු කරන්න. එවිට ඔබට පුළුවන් වේවි අන් සියළු දෙනාටම වඩා ඉහලට යන්න. සාර්ථකත්වයේ අරමුණ ඉටුකරගන්න. එනිසා කිසිදිනක ඔබට අහිමි වෙන කිසි දෙයක් ගැන දුක් නොවන්න. පරාජයන්, ජයග්‍රහණයේ මාවතක් කරගන්න. එවිට ඔබ දිනනවා සත්තයි 



  • 0 comments:

    Post a Comment

    GET A FREE QUOTE NOW

    Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat.

    ADDRESS

    4759, NY 10011 Abia Martin Drive, Huston

    EMAIL

    contact-support@mail.com
    another@mail.com

    TELEPHONE

    +201 478 9800
    +501 478 9800

    MOBILE

    0177 7536213 44,
    017 775362 13