වීදි පවුර පාමුල හිඳ
ටින් පතුලට වැටුණ කාසි
දැවෙන නෙතින් ගණන් කරන
කඳුළු මිනිසුනේ....
හිරැට හොරෙන් වීදි බැස්ස
නෙතින් නෙතට දෑත යදින
ගිමන් හලේ තනිව හිඳින
කඳුළු මිනිසුනේ...
දුහුවිල් නොව පිලුණු වචන
ගතට උරැම වන්ව හිඳින
සුදන නෙතින් දිවිය ලබන
කඳුළු මිනිසුනේ.....
(කිවිදියක් විසිනි)
0 comments:
Post a Comment