අරමුණ
චීන උණ ගහේ කතාව
-----------
ජීවිතයේ ඔබට බොහෝ දෙනෙක් හමුවේවි. සුළු පිරිසක් ඔබව දිරිමත් කිරීමට, ඔබගේ අරමුණු ඉටුකරගැනීමට, වචනෙකින් හෝ උපකාර කරාවි. ඒ අතරෙන් බොහෝ පිරිසක් ඔබේ ගමනට බාධා කරන්නට, ඔබට සිනාසෙන්නට, ඔබගේ මානසිකත්වය හෙලා දමන්නට උත්සාහ කරාවි. නමුත් ඔබ ඉතාමත් අමාරුවෙන්, හෙමින් හෙමින් හෝ ගොඩනඟාගන්නට උත්සාහ කරන ඔබගේ අරමුණ කරා ගමන් කරන්න. ඔබට සිනාසෙන අයට සිනාසෙන්න ඉඩ හරින්න. හැරදා යන අයට හැරදා යන්න ඉඩ දෙන්න. ඒ ගැන ඔබ පසුතැවිලි නොවන්න.

ඔබ දන්නවාද? චීන උණ ගහ කියන්නේ අවුරුදු 5ක් තිස්සෙම පොලව යට ඉඳන් තම ශක්තිය වර්ධනය කරගන්නා ගහක්. තම වර්ධනයට අවශ්‍ය ශක්තිය සම්පූර්ණ වන තෙක් ඒ ගහ පොළොවෙන් එළියට එන්නේ නැහැ. නමුත් මෙහෙම ශක්තිය එකතු කරගෙන පොළොවෙන් එළියට එන මේ උණ ගහ සති 4ක් ඇතුලත අඩි 90ක් උසට වැඩෙනවා. මෙසේ සති 4 කින් අඩි 90ක් උසට වර්ධනය වෙන්න අවශ්‍ය ශක්තිය චීන උන ගහ පොළොව යට ඉඳන් අවුරුදු 5ක් තිස්සේ එකතු කරගන්නවා.
ඔබත් ඒ චීන උණ ගහ වගේ වෙන්න. තමාගේ අරමුණ කරා යන්නට අවශ්‍ය කරන ශක්තිය ගොඩනඟා ගන්න. අන් අය ගැන හිතා දුක් වීමෙන් වළකින්න. තමන්ගේ කටයුත්ත උපරිමයෙන් සිදු කරන්න. එවිට ඔබට පුළුවන් වේවි අන් සියළු දෙනාටම වඩා ඉහලට යන්න. සාර්ථකත්වයේ අරමුණ ඉටුකරගන්න. එනිසා කිසිදිනක ඔබට අහිමි වෙන කිසි දෙයක් ගැන දුක් නොවන්න. පරාජයන්, ජයග්‍රහණයේ මාවතක් කරගන්න. එවිට ඔබ දිනනවා සත්තයි
Sinhala සිංහල උගනිමු
සිංහල හෝඩිය / සිංහල අක්ෂර මාලාව
සිංහල භාෂාව යනු ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නකි. ක්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈත අතීතයකට දිව යන අතර සාහිත්‍යමය සාධක රාශියක් ද දක්නට ලැබෙයි. කෙසේ නමුත් සිංහල හෝඩියක් පළමු වරට දක්නට ලැබෙන්නේ 13න් වන සියවසේ දෙවන පරාක්‍රමබාහු රජු සමයේ දී ය. එනම් කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ලෙස ගෞරව නාමයෙන් හැඳින් වූ පතිරාජ පිරුවන්පති වේදේහ අනවමදර්ශි හිමියන් විසින් රචිත සිදත් සඟරාව තුළින් ය.
සිදත් සඟරා හෝඩිය
සිදත් සඟරාවට අනුව ස්වර (පණකුරු) දහයක් ද ව්‍යඤ්ජන (ගතකුරු) විස්සකින් ද යුක්තව අක්ෂර තිහකින් සිංහල හෝඩිය යුක්ත වෙයි.
පණකුරු පසක් එද
ලහු ගුරු බෙයින් දසවේ
දසකුරු ද වේ විස්සක්
වහරට යුහූ සියබසැ
ස්වර
අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ
ව්‍යඤ්ජන
ක, ග, ජ
ට, ඩ, ණ
ත, ද, න
ප, බ, ම
ය, ර, ල, ව
ස, හ, ළ, අං
DENUMA.LK දැනුම.lk
- Sinhala සිංහල
- English ඉංග්‍රීසි
- Tamil දෙමළ
- Political දේශපාලනය
- Philosophy දර්ශනය
- Buddhist Study බෞද්ධ අධ්‍යයනය
- Information and Communication Technology - TCT
- About Books පොත්පත් පිළිබඳ තොරතුරු
- Other Information වෙනත් තොරතුරු
- Song Reviews - ගීත විචාර